Sun. Jun 29th, 2025

ඇඳිරි නීතිය ගැන මාලිමාවෙන් නිවේදනයක්!

ජනපතිවරයා විසින් අද (21) රාත්‍රී 10 සිට හෙට අලුයම දක්වා ඇඳිරි නීතිය පැණවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනය මෙසේ යි.

මාධ්‍ය නිවේදනය – 2024 ජනාධිපතිවරණය

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

එසේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරනු ඇතැයිද අපි විශ්වාස කරමු.

මේ තත්වය තුළ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න විශ්වාස කරන අපි, පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින අතර රට තුළ සාමකාමීත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා උපරිම සහාය දක්වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *