අද සවස 04න් ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ අතර ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතයන් මේ වන විට දිස්ත්‍රික්ක මට්ටමෙන් වාර්තා වී තිබෙනවා.
වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වන්නේ නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්. ඒ 80%ක් ලෙසින්.
අඩුම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වන 68%ක් වාර්තා වන්නේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලින්.
ඊට අමතරව මොණරාගල 77%ක්, පොළොන්නරුව 78%ක්, රත්නපුර 75%ක්, කොළඹ 75%ක්, මාතර 80%ක්, අම්පාර 70%ක්, පුත්තලම 75%ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
කළුතර 75%ක්, ගාල්ල 74%ක්, වවුනියාව 72%ක්, මන්නාරම 72%ක්, බදුල්ල 73%ක්, හම්බන්තොට 78%ක්, කෑගල්ල 75%ක්, සහ අනුරාධපුර 75%ක් ඡන්දය භාවිතා කර තිබෙනවා.
එසේම කුරුණෑගල 75%ක්, මඩකලපුව 69%ක්, මහනුවර 78%ක්, ත්‍රිකුණාමලය 76%ක් සහ මාතලේ 74%ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.