අවශ්‍ය වුවහොත් ඇඳිරිනීතිය පනවන බවත් ප්රචණ්ඩත්වය ඇති වුවහොත් එය දැඩිව ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් අද ජනමාධ්‍යවේදීන් අමතමින් පැවසුවා.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළා.
“ජනාධිපතිවරණය සාමකාමීයි. මේ වාතාවරණය දිගටම පවත්වාගෙන යන ලෙස මම මහජනතාවගෙන් සහ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අපි උපරිමයෙන් කටයුතු කර තිබෙනවා.”