Sat. Jun 28th, 2025

ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් : ගණන් කිරීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් අද පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට නිමාවට පත්වී තිබෙනවා.

ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමාවට පත් වුණා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙක් සුදුසුකම් ලබා තිබුණා.

තව සුළු මොහොතකින් ඡන්ද ගණන් කිරීම ඇරඹෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ මධ්‍යම රාත්‍රී 12ට පෙර පළමු තැපැල් ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශයට පත් කිරීමට හැකි වන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *