Fri. Jun 27th, 2025

දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න

අද පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක ගණනාවක දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පිළිබඳව වාර්තා වී තිබෙනවා.

මේ වන විට වැඩිම ඡන්ද ප්‍රකාශය වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්. ඒ 38%ක්.

අඩුම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 15%ක්.

ඊට අමතරව කළුතර 32%ක්, නුවරඑළිය 30%ක්, මාතර 30%ක්, කුරුණෑගල 30%ක්, රත්නපුර 30%ක් සහ අම්පාර 30%ක් හා වවුනියාව 30%ක් මේ වන විට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

එසේම මන්නාරම 29%ක්, මුලතිව් 25%ක්, ගම්පහ 25%ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

මොණරාගල 21%ක්, බදුල්ල 21%ක්, කොළඹ 20%ක්, මහනුවර 20%ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ගාල්ලේ ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 18%ක් පමණක් වන අතර මඩකලපුවේ ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 17ක් පමණයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *