Sat. Jun 28th, 2025

අද දිනය තීරණාත්මකයි!

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගනු ලබන නව වැනි ජනාධිපතිවරණය අද (සැප්තැම්බර් 21) දින පැවැත්වෙනවා.

අතිශය දරුණු ආර්ථික කඩාවැටීමකින් රට බංකොලොත්භාවයට පත්ව, 8 වැනි ජනපති ලෙස වැඩි ඡන්ද බහුතරයකින් ජනපති වූ ගෝඨාභය රාජපක්ෂ තනතුර අත්හැර පළා ගොස් ඇති වූ තත්වයන්ට පසුව පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ සුවිශේෂ වැදගත්කමක් දරනවා.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් 40කට ආසන්න තරඟකරුවන් තරඟ වැදී සිටිය ද තීරණාත්මකව ඇත්තේ තිදෙනෙකුගේ සටනයි. වත්මන් ජනපති රනිල්, විපක්ෂ නායක සජිත් සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර ඒ තිදෙනා වනවා.

මෙම මැතිවරණය සඳහා ඡන්දදායකයන් 17140354 දෙනෙකු ලියාපදිංචිව සිටිනවා.

මෙවර ජනපතිවරණයෙන් ජයගන්නා අපේක්ෂා අබිමුවේ තීරණාත්මක ගැටලු ගණනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

  1. බංකොලොත්භාවයෙන් මිදීම
  2. IMF වැඩසටහනේ ඉදිරි ක්‍රියාකාරිත්වය
  3. රාජ්‍ය ආදායම වර්ධනය කිරීම
  4. ජීවන වියදම අඩු කිරීම
  5. ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම

මේ සියල්ල හදිසි ගැටලු වශයෙන් අභිනව ජනපතිවරයා වෙත ඉදිරියේ තිබෙනවා.

කෙසේ වෙතත්, ජනතා පරමාධිපත්‍ය උතුම් බැවින් තීරණය පවතින්නේ ජනතාව මතයි.

ජනතා මතය නිවැරදිව පිළිබිඹු වී රටට යහපත් පාලකයෙකු පත් වේවා යන්න Izingnews.lk අපේ ප්‍රාර්ථනයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *