Sat. Jun 28th, 2025

ජපුර ඇරෙන්නෙ ඡන්දෙන් පස්සෙ

ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 23 වන දා සිට නේවාසිකාගාරවල සිටින සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉකුත් 12 වන දා සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *