Sat. Jun 28th, 2025

සමාජ මාධ්‍ය ආයතන මැකෝට බෑ කියයි

2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය වේදිකාවල පළ වූ පෝස්ට් 800කට අධික ප්‍රමාණයක් ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම එම සමාජ මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ මෙම උල්ලංඝනය කිරීම් පිළිබඳ ගැඹුරු විමර්ශනයකින් පසුව Meta, YouTube, TikTok සහ Google වැනි වේදිකාවලට පැමිණිලි කර ඇති බවයි.

ගොනු කර ඇති පැමිණිලිවලින් සබැඳි 121ක් සමාජ මාධ්‍යවලින් ඉවත් කර ඇති අතර සබැඳි 116ක් ඉවත් කර නැහැ.

ඊට හේතුව ඒවා ඔවුන්ගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය නොකිරීම බව වාර්තා වෙනවා.

අතිරේක සබැඳි 500කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ පැමිණිලිවලට සමාජ මාධ්‍ය සමාගම් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *