2024 ජනපතිවරණයේ පළමු නිල ප්‍රතිඵලය හෙට (21) රාත්‍රි 11 පමණ වන විට නිකුත් කළ හැකි වෙතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මුලින් නිකුත් කිරීමට හැකි වෙනු ඇති බවයි එම කොමිෂමේ ආරංචිමාර්ග පවසන්නේ.
තැපැල් ඡන්ද ගණන් කිරීම 21 දින සවස 4.15 සිට ආරම්භ වෙනවා.
කෙසේ වෙතත්, ජනපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටිනවා.