Sat. Jun 28th, 2025

ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමේ වෙළෙඳසැලක

පුත්තලම කල්අඩිය කලාපයට බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසලක තිබියදී සොයා ගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා පවසනවා.

තිල්අඩිය දෙවන හරස් වීදිය හා තුන්වන හරස් වීදිය පදිංචිකරුවන්ට අදාල ජන්ද පත්‍රිකා බෙදා නොදී වෙළෙඳසැලකට ලබා දීම සම්බන්ධව විශේෂ පරික්ෂණයක් මේ වන විට ආරම්භ වී තිබෙන බවට වාර්තා වනවා.

කෙසේ නමුත් නිල ජන්ද පත්‍රිකාවක් කිසිඳු ලෙසකින් වෙනත් අයකුට ලබා දිය නොහැකි බව මැතිවර්ණ නීතිවල දැඩි ලෙස සඳහන් කර තිබියදී මෙලෙස ඡන්ද පත්‍රිකා අන්සතු කිරීම බරපතල වරදක්.

විශේෂ කණ්ඩායමක් යොදවා අදාල ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව බෙදා දීමට කටයුතු කළ කල බව පුත්තලම තැපැල් ස්ථානධිපතිවරයා සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *