ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් මහමැතිවරණය අවසන් වන තුරු පාලන බලය පවත්වාගෙන යාම සඳහා නව භාරකාර අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කරන බව එම පක්ෂයේ විධායක සභික නලින්ද ජයතිස්ස පවසනවා.
අනුර කුමාර දිසානායක ජනපති වීමෙන් පසුව පුරප්පාඩු වන මන්ත්‍රී අසුන සඳහා කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි පත් කිරීමට සැලසුම් කර ඇති බව අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවට එක්වෙමින් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා.
හරිනි අමරසූරිය, විජිත හේරත් සහ ලක්ෂ්මන් නිපුණආරච්චිට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් යුතු කැබිනට්ටුවක් නිර්මාණය කිරීම ජාතික ජනබලවේගය පක්ෂයේ සැලසුම බව ඔහු මෙහිදී අනාවරණය කළා.
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් ජාතික ජන බලවේගය අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත් වූ අවසන් සජීව සංවාදය වන මෙහිදී තවත් වැදගත් කරුණු රැසක් පිළිබඳ කරුණු හෙළි කර තිබෙනවා.