Sat. Jun 28th, 2025

ඩයනා අත්අඩංගුවට ගන්න නියෝගයක්

May21,2024

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිදුවීමට අදාළ සැකකාරියක ලෙස ඇය නම් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණය හමුවේ දැනුම් දී ඇත.

කෙසේ වෙතත් ඇය පදිංචි ස්ථානයන් වෙත ගියද සැකකාරිය නොසිටි බවද ඔවුන් අධිකරණය දැනුම් දී ඇත.

මේ වන විටත් ඩයනා ගමගේ මහත්මියට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *