Sat. Jun 28th, 2025

“අපි හිඟන ජාතියක්” තිස්ස කුට්ටි කියයි

අපි එදා දුටුගැමුණුට මල් තියෙන සහ නූතන දුටුගැමුණුට අවලාද හා චෝදනා කරන හිඟන ජාතියක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරනවා.

පසුගිය දා පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවා.

“දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවති යුද්ධය අවසන් කරන්න බොහෝ නායකයෝ උත්සාහ ගත්තා. නමුත් ඒක කරන්න ඔවුන්ට බැරි වුණා. එහෙම තිබුනු යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතාට පුලුවන්කම ලැබුණා. එදා දුටුගැමුණුට මල් තියෙන සහ නූතන දුටුගැමුණුට මයිනා කියා චෝදනා කරනවා හිඟන ජාතියක් අපි. මහින්ද රාජපක්ෂ මහතාට හොඳටම අවස්ථාව තිබුණත් කවදාවත් යුද්ධය වවාගෙන කෑවේ නැහැ.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *