පාකිස්ථාන සහල් අපනයනකරුවන්ට ගෙවීම් පැහැර හරින ලද ශ්‍රී ලාංකික සමාගම් අසාදු ලේඛනගත කිරීමට පකිස්ථාන වාණිජ අමාත්‍යාංශය සූූදානම් වෙනවා.
පසුගිය සඳුදා (16) එරට සෙනට් සභික අනුෂා රහමන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ වාණිජ කටයුතු පිළිබඳ සෙනෙට් ස්ථාවර කමිටුවේ රැස්වීමේදී වාණිජ අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම තීරණය දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා සමාගම් දෙකක් පකිස්ථාන සහල් අපනයනකරුවන්ට ගෙවීම් පැහැර හැර ඇති බවත් පකිස්ථාන බලධාරීන්ගෙන් ඔවුන්ට සහනයක් නොලැබෙන බවත් කමිටුවට දන්වා තිබෙනවා.