ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති බවට තොරතුරක් වාර්තා වී තිබෙනවා.
සන්ඩේ ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ මෙම කරුණු හෙළිකර ඇති අතර එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයාට අදාළ වර්ණයෙන් යුත් ඇඳුමින් සැරසී ඔවුන්ගේ ප්‍රචාරණයට අදාළ කොඩි ආදිය ද රැගෙන පැය තුනක කාලයක් සඳහා අදාළ රැළියට සහභාගී කරවන පුද්ගලයින් 3000ක් වෙනුවෙන් මෙම පැකේජය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පැකේජයට කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත පමණක් ප්‍රවාහන වියදම ද ඇතුළත්.
මෙහිදී දළ වශයෙන් එක පුද්ගලයෙකු සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් 1500/= ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන්නේ නම් සමස්ත පැකේජය සඳහා අමතර ප්‍රවාහන දීමනාවක් ගෙවීමට ද සේවාලාභීන්ට සිදුවන බවද සඳහන්.