Sat. Jun 28th, 2025

දෙවනි මනාපෙ ගණන් කරන්න කොමිසම ලෑස්තියි

සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවැනි මනාපය ගණන් කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීන්ට ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.

මේ අනුව එම කටයුත්ත සඳහා අමතර නිලධාරීන් සූදානම් කර ගැනීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීන් කටයුතු කරමින් සිටිනවා.

මැතිවරණ කොමිෂන් සභාවේදී පසුගිය 10වැනිදා පැවැති රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දී තිබුණා.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කෙරෙනවා.

ඡන්ද ගණනය කිරීම සඳහා සූදානම් කෙරෙන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1274ක්.

මේ අතර ඡන්දය ගණන් කිරීමේ ස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද යෙදවීමට කටයුතු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *