Fri. Jun 27th, 2025

මල්වතු මහනායක හිමිත් මාලිමාව ගැන බලාපොරොත්තුවෙන්

ජාතික ජනබලවේගයේ නායකයින්ගේ කතා අහන්නට මැතිවරණ රැළිවලට පැමිණෙන වැඩි පිරිසක් පසුගිය මැතිවරණවලදී ඔවුන්ට ඡන්දය නොදුන් නමුත් මෙවර එම තත්ත්වයේ වෙනසක් පෙනෙන්නට ඇති බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් පැවසුවා.

අතීතිය සැලකීමේදී කොයි කා අතිනුත් වැරදි හා අඩුපාඩු සිදුව තිබෙන බවත් ජාතික ජනබලවේගය එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් මේ දක්වා පැමිණීම අගය කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

ජාතික ජනබලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු කණ්ඩායමක් ඊයේ (17) මල්වතු මහා විහාරයට ගොස් එම පාර්වශ්යේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසුවා.

ජාතික ජනබලවේගය මගින් මෙවර ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපතක් මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පිළිගැන්වූ ලාල් කාන්ත ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය ප්‍රකාරව බෞද්ධාගමට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කරන්නට ජාතික ජනබලවේගය කටයුතු කරන බවට ඇතැම් ජනපති අපේක්ෂකයින් හා ඔවුන්ට සහය දක්වන සංවිධාන ගෙන යන ප්‍රචාරයන් ගේ කිසිදු සත්‍යතාවක් නැති බව ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *