Sat. Jun 28th, 2025

දෙමහල් නිවසින් පැන්න තරුණිය මරු දකී

May21,2024

හෝමාගම, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණියක් පොලීසිය පැමිණෙන අවස්ථාවේදී නිවසේ ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ කිරීමේදී තාප්පය මතට වැටී තිබේ.

එහිදී තාප්පයේ තිබූ යකඩ කූරු ඇයගේ උදරයේ ඇනී බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, පහළ බෝපේ, කුරුන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි.

හෝමාගම හිරිපිටිය බෝගහවිල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ බිරිඳ පොලීසියට පැමිණිලි කර තිබුණාය.

එම පැමිණිල්ලට අනුව හොමාගම පොලීසිය එම ස්ථානය වෙත ගොස් පරින්ෂා කිරීමේ 19 හැවිරිදි තරුණිය එලෙස ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ ඇති බව සඳහන් ය.

එහිදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය වූ අවස්ථාවේ එහි රැඳී සිටි පැමිණිලිකාර කාන්තාවගේ සැමියා සහ ඔහුගේ මිතුරා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් හෝමාගම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමුකොට එහි වාර්තාව සමඟ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *