Sat. Jun 28th, 2025

තවත් ඡන්ද කෑමක් නුවරඑළියේදී නවතියි

2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් ඊයේ (17) දින රාත්‍රියේ සංවිධානය කර තිබූ රැස්වීමකින් පසු පැවැත්වීමට නියමිතව තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් නතර කිරීමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන තිබෙනවා.

එම රැස්වීම නුවරඑළිය ප්‍රදේශයේ තෝරා ගත් පිරිසක් වෙනුවෙන් සංවිධානය කර තිබූ අතර එම රැස්විමෙන් අනතුරුව රැස්විමට සහභාගි වූ පිරිස වෙනුවෙන් සංචාරක හෝටලයේ භෝජනාගාරයේ රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විමට සංවිධායකයන් කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් රාත්‍රි භෝජන සංග්‍රහය පැවැත්විම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලද පැමිණිල්ලක් මත නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායමක් එම හෝටලය වෙත ගොස් පරික්ෂා කර බලා රැස්විම පවත්වන ලෙසත් එම රැස්විමට සහභාගි වු පිරිස වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් නොපවත්වන ලෙසත් සංවිධායකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

තව ද එම සංචාරක හෝටලයේ පාලන අධිකාරිය වෙත සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින් රැස්විමට සහභාගි වූ කිසිදු අයෙකුට මුදල් ලබානොගෙන ආහාර පාන ලබා නොදෙන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *