Tue. Jun 24th, 2025

පරෙස්සමින් : සතුන්ගෙන් බෝ වන තවත් ලෙඩක් ලංකාවට

රිදියගම ගොවිපොළේ සතුන්ගෙන් බෝ වන බෘසෙල්ලෝසිස් (Brucellosis) නමැති රෝගය වැලඳුණු පුද්ගලයන් කිහිපදෙනකු හඳුනාගෙන තිබෙන බවට සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම රෝගය වැලඳුණු පුද්ගලයන් 10 දෙනකු ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වනවා.

ගවයන්, එළුවන්, ඌරන් වැනි සතුන්ගෙන් එම රෝගය මිනිසුන්ට බෝවන බවත් සතුන් සමග සමීපව කටයුතු කරන පුද්ගලයන්ට රෝගය වැලඳීමේ වැඩි අවධානමක් තිබෙන බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඒ අනූව ඕනෑම වයසක කෙනෙකුට මෙම රෝගය වැලඳිය හැකි බවත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමෙන් රෝගය පැතිරීම වළක්වාගත හැකි බවයි.

උණ, හිසරදය, ඇඟපත වේදනාව, වසාගැටිති ඉදිමීම, වමනය, පාචනය ආදීය මෙහි රෝග ලක්ෂණ ලෙස පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි ලක්ෂණ ඇතොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසයි.

රෝගය වළක්වාගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී අති සනීපාරක්ෂක ක්‍රමවේද භාවිත කළ යුතු අතර සත්ත්ව අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කළයුතු වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *