මෙවර ජනාධිපතිවරණයේ ප්රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200කට වැඩි මුදලක් වැය කර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඊයේ (17) පෙරවරුවේ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
මෙලෙස බස් රථ ලබාදීම හරහා රුපියල් කෝටි 100කට ආසන්න ලාභයක් ලබා ඇති බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් කළ යුතු දිනයේදී පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් 1500ක් පමණ දැනටමත් ඉල්ලුම් කර ඇති බවත් ප්රචාරක රැළි සඳහා බස් රථ ලබාගැනීමේදී වැඩිම බස් ප්රමාණයක් ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවත් ඔහු ප්රකාශ කළා.
ඔවුන් මීට මාස 06කට පෙර සිට මෙම බස් ලබාගැනීම සිදුකර ඇති බවත් මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 500කට ආසන්න ප්රමාණයක් ලංකාව පුරා යොදවා ඇති බව ඔහු කියා සිටියා.