Mon. Apr 28th, 2025

ඩ්‍රයිවර් හිමි නමක් අත්අඩංගුවට

Sep17,2024 #arrest #buddhism #police #traffic

වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා.

පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක් වන මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන හිමිනමක බවයි.

මෙම හිමිනම නුවර සිට කුලියාපිටිය කඳානෙගෙදර පොලිස් වසමේ පිහිටි විහාරස්ථානය කරා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයෙ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී වලංගු රියැදුරු බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම හිමිනමගේ රියැදුරු එදින කිසියම් රාජකාරියක් සදහා යාම හේතුවෙන් එම හිමිනම මෝටර් රථය පදවා ඇති බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කුරුණෑගල දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන මහතාගේ උපදෙස් පරිදි කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *