Sat. Jun 28th, 2025

පොලිසියට පාප්ප ගහලා

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ගිය පන්නල පොලිසියේ පොලිස් කණ්ඩායමකට පාප්ප බාල්දි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පාප්ප බාල්දියෙන් පහරදී පැන ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ ඒ අවස්ථාවේ පොලිස් නිලධාරින් පාප්ප පිටින්ම සැකකරුවන් පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇලබඩගම සුහද ජනපදයේ සහ ඇලබඩගම පල්ලියවත්ත පදිංචි පුද්ගලයන් දෙදෙනක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *