Fri. Jun 27th, 2025

ඉතුරු වෙලා තියෙන්නේ නොමිලේ හිසරදයක් දෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස හැමදේම නොමිලේ දෙන බවත් ඉතිරිව ඇත්තේ නොමිලේ හිසරදයක් දීම පමණක් බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා.

හොරණ මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති ජන රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

වැඩි දුරටත් අදහස් දැක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළා.

“මේ IMF වැඩසටහන එක්ක අපි යන්න ඕනේ. උදව් කරන්න වෙන කවුරුත් නෑ. IMF වැඩසටහනෙන් ඩොලර් බිලියන 3ක් හම්බවුණා. ඒවා අල්ලගෙන යන්නේ. රටවල් 18ක සහයෝගයක් හම්බවුණා. ඒ එක්ක යන්නේ. පොලිය ගෙවන එකෙන්ම අපිට ඩොලර් බිලියන 10ක වාසියක් හම්බවෙනවා. මේවා අතහරින්න බෑ. මේ අනුව තමා අපේ වැඩසටහන සකස් කරලා, මේ රටේ පළමුවෙන්ම අපනයන ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. හැමදාම අපිට ණය ගන්න බෑ. සහනාධාර දීලා කරන්නත් බෑ. සහනාධාර දෙන්න සල්ලිත් නෑ. ඔබට තමා හොඳ අනාගතයක් ඊළඟ අවුරුදු 20 දෙන්න ඕනේ. ඒකයි අපිට කරන්න තියෙන්නේ. හැම එක්කෙනාම අන්තිමට දුක්විඳින්නේ, බර ගන්නේ දරුවන් වෙනුවෙන් නේ. අධ්‍යාපනය දෙන්න නේ. මම දන්නවා තිබුණ අමාරුකම්. ඒවා තවත් නැතිකරන්නයි මම බලන්නේ. මොකද්ද සජිත් – අනුර කියන්නේ ? සජිත් හැම එකක්ම නොමිලේ දීලා තියෙන්නේ. ඉතුරුවෙලා තියෙන්නේ නොමිලේ හිසරදයක් දෙන්න. මෙහෙම හැම එකක්ම දීලා දීලා කොහේද සල්ලි තියෙන්නේ. සල්ලි නෑනේ බොරුනේ කියන්නේ. IMF එක්ක කතා කරලා මේවා වෙනස් කරනවා ලු. බොරුනේ කියන්නේ. අනුර කියනවා සමාජ වියදම් වැඩිකරලා බදු අඩු කරනවා කියලා. අපි IMF එකට කතා කරනවාලු. ගිහින් කතා කරන්න කියලා. තාම කතා කරලා නෑ. මොකද්ද IMF සංවිධානය කළේ, අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඔක්කෝම දිහා බලලා ඒ අය කිව්වා අන්තිමට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම අද කරන ඒවා. වෙන එකක් නෙමෙයි. අනිත් අයගේ ඒවා පිළිඅරගෙන නෑ. IMF එකේ සහයෝගය කාටවත් නෑ. අපේ වැඩසටහනට දෙන්නේ. අපි වෙන්වෙලා ගිහින් දවල් වැටුණ වළේ රෑ වැටෙනවා ද? ඔබේ අනාගතය අතේ තියෙන්නේ. ඒක කරන්න සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරයට කතිරේ ගහලා ඒ වරම ලබාදෙන්න.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *