ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තොබර් 26 වන සෙනසුරාදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම ඡන්ද විමසීම එදින උදෑසන 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වෙන බවයි අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ නාමයෝජනා භාරගැනීම පසුගිය 12 වනදායින් අවසන් වු අතර ඊට දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාම යෝජනා භාර දී තිබුණා.