2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා සංශෝධන සිදුකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
බදු ගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ මෙම පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
2023 වසරේ මුල් භාගයේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණවලින් වඩාත් පීඩාවට පත් වූවන්ට සහන සලසන අතරම මූල්‍ය වගකීම් පවත්වා ගැනීම මෙම බදු ගැළපීම් සිදු කිරීමේ අරමුණ බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.