අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) ඇප නියම කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනය ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධියට සහාය වූ බවට වන චෝදනාවට තීන්දුව ලබා දෙමින්.
එවක අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලවීමේ සිද්ධිය අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිවරයාගේ ද උද්ධික ප්‍රේමරත්න විසින්ම සිදු කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය ජුනි 14 වැනිදා පැවසුවා.
ඊට අදාළව සහකාර පොලිස් අධිකාරීවරයා මීට දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා.