රජයේ කිසිදු නියාමනයකට යටත් නොවෙන, ජනතාවට කිසිදු සහන ගාස්තු ක්රමයක්ද නැතිව ක්‍රියාත්මක වන පෞද්ගලික වෙද ආයතනයක් වන හොරිවිල වෙදගෙදර නම් ආයතනයේ වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම සඳහා උතුරු මැද පළාත් සභාව මගින් ලක්ෂ 52කට ආසන්න මුදලක් වැය කර තිබෙන බව ජාතික විගණන කාර්යාල වාර්තාවක දැක්වෙනවා.
මුදල් කොමිෂන් සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාවට පටහැණිව ප්රමුඛ සංවර්ධන අවශ්‍යතා සහිත විශේෂ සංවර්ධන ව්‍යාපාති යටතේ මෙය ඉදිකර තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙම වෙදමැදුරේ හිමිකරුවන් විසින් පළාත් ආණ්ඩුකාරයාගෙන් සිදු කළ ඉල්ලීමකට මෙම ඉදිකිරීම් පසුගිය වසරේ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ගෙන් විමසූ විට පවසා ඇත්තේ තමන්ට ඒ ගැන කිසිවක් මතක නැති බවයි.