ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදු කරන බවත් මෙරට ඇති වුණ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත් උත්සාහය විශාල ප්‍රගතියක් අත් කරගෙන ඇති බවත් එම සංවිධානයේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් පවසනවා.
තවමත් ශ්‍රී ලංකාව අවදානම් කලාපයෙන් බැහැර නැති බව ද ඇය අවධාරණය කරනවා.
ජනපතිවරණයෙන් පසුව නව රජයක් යටතේ ද ආධාර වැඩසටහන ඉදිරියට ගෙන යෑම සඳහා මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමට තම අරමුදල සූදානම් බවද ඇය කියා තිබෙනවා.
තම අනාගතය තීරණය කරගැනීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවට බවත් ආධාර වැඩසටහනේ ඉලක්ක සපුරාගැනීමට ඔවුන් ප්‍රමුඛතාව දිය යුතු බවත් පවසන ජුලී කොසැක් ප්‍රගතිය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බවත් පවසනවා.