ලබන වසරේ පෙබරවාරි මාසය වන විට වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
විදේශ අමාත්‍ය අලි සබ්‍රි එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.
විදේශ විනිමය සැලකිය යුතු ලෙස වර්ධනය වීම නිසා මෙම තීරණය ගත් බවයි පැවසෙන්නේ.
2021 වසරේ දී ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය සීමා කළ අතර 2025 වන විට නැවත වාහන ආනයනය ක්‍රමානුකූලව සිදු කරන බව රජය පසුගිය සමයේ කියා සිටියා.