සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (12) නියෝග කර තිබෙනවා.
හේෂා විතානගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම (දැනට ජීවතුන් අතර නැත) 2019 වසරේදී අරලියගහ මැඳුර ඉදිරිපිට දී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව මෙම වරෙන්තුව නිකුත් කර අති බවයි හෙළිවන්නේ.
නීතිපති උපදෙස් අනුව ලබන නොවැම්බර් 21 වැනි දින නඩුව කැඳවීමට නියමිත වෙනවා.