මෙරට ඇති පාසැල් දසදහස් අනූහයට කැපකරු මාපිය ක්‍රමයක් යෝජනා කරන බව සමගි ජනබලවේගයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.
මෙරට සහ විදෙස්ගත දානපතියන් දසදහස් අනූහයකට මෙරට පාසල් පද්ධතිය බද්ධ කිරීම හරහා එය සිදු කළ හැකි බවයි ඔහු පවසන්නේ.
රජයෙන් සිදු කරන ප්‍රතිපාදන අමතරව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ හමුවකදී ඔහු කියා සිටියා.