මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර වෙනුවෙන් ගෙනැවිත් තිබූ බදුලු මුතියංගණ රජමහා විහාරයට අයත් මධුවන්ත නම් ඇතින්න ඊයේ (12) පැරැණි වැසිකිළි වලකට වැටී මරුමුවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
මිය යන විට මෙම ඇතින්න අවුරුදු 30ක තරම් වයසක පසුවුණ බව සඳහන්.
පෙරහර වෙනුවෙන් ගෙනා අලි ඇතුන් සඳහා ආහාර පිණිස ලබා දෙන කිතුල් කොට තොගයක් පටවමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වෙනවා.
මෙම ඇතින්න ගොඩට ගෙන බේරා ගැනීමට පොලිසිය, ප්‍රදේශවාසීන් සහ වනජීවී දෙපාර්තමේන්තුව වෑයම් කළත් එය අසාර්ථක වූ බවයි පැවසෙන්නේ.