කාන්තාවකට හිමිකාරිත්වය තිබියදී බලහත්කාරයෙන් අත්පත් කරගත් බව කියන බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි කෝටි ගණනක් වටිනා නිවෙස යළි එම කතට භාර දෙන ලෙස කොළඹ අධිකරණය බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනකුට නියම කර තිබෙනවා.
එම නියෝගය කඩ කරන්නේ නම් දැඩි දඬුවම් ලබා දෙන බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.
ගලගොඩඅත්තේ හිමි, ගෝල හිමිනම දයාසීග සහ මුරකරු සිල්වෙස්ටර් යන අය වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.
කොළඹ 4 පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක නමැති කාන්තාවක් මෙම නඩුව ගොනු කර තිබුණා.
මෙකී නිවස තම නැන්දාට අයිති එකක් බවත් එය තම භායේ තිබියදී විදේශගත වූ බවත් කියා ඇති ඈ ඥානසාර හිමි ඇතුළු පිරිසක් එය බලෙන් අත්පත් කරගත් බවයි පවසන්නේ.
තමන්ට එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් තමා හා දියණිය එම නිවසෙන් ඉවත්ව වෙනත් තැනකට තාවකාලික පදිංචියට පැමිණි බවද ඇය සඳහන් කර තිබුණා.