Sun. Jun 29th, 2025

ස්පා එකකට පැන තරුණියන් දෙදෙනෙකු සමූහ දූෂණය කරලා!

Sep12,2024 #news #police

බැලුම්මහර පිහිටි ස්පා ආයතනයකට කඩා වැදුණු කල්ලියක් එහි සේවය කරන කතුන්ගේ දේපොළ කොල්ලකා කා දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කළ පුවතක් වාර්තා වෙනවා.

මෙකී 6 දෙනෙකුගෙන් යුත් පිරිසෙන් 5 දෙනෙකු දැනටම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

කඩුවක් රැගෙන මේ පිරිස අදාළ ආයතනයට කඩා පැන එහි සේවය කළ කතුන් 5 දෙනෙකු කාමරයක සිර කර ඔවුන්ගේ ජංගම දුරකතන සහ මුදල් ඇතුළු දේපල කොල්ලා ඇති අතර පසුව තරුණියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබෙනවා.

පැහැගෙන ගොස් ඇත්තේ අවුරුදු 33 වයස ඉංගිරිය පෙදෙසේ පදිංචිකාරියක් සහ වයස අවුරුදු 23ක කුලියාපිටිය තරුණියක්. මේ දෙදෙනා මිනුවන්ගොඩ නිවසක රඳවාගෙන සමූහ දූෂණය කර තිබෙනවා.

තරුණියන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍ය වාර්තා ලබා ගැනීමට නියමිත වෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *