ජාතික ජනබලවේගය පක්ෂයේ දේශපාලන රැළියකට සහභාගි වී වෙනත් පක්ෂවල ආධාරකරුවන්ට වීඩියෝවක් මගින් තර්ජනය කළ බවට හිටපු යුද හමුදා මේජර්වරයෙකුට එරෙහිව පැමිණිලි ලැබී ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි සඳහන්.
මොහු කිරිබත්ගොඩ පදිංචි 47 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.
වීඩියෝවට අදාළ පුද්ගලයාගේ හඬමදැයි තහවුරු කර ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත මෙම වීඩියෝව යොමු කර ඇති අතර හිටපු මේජර්වරයා ප්‍රකාශයක් සටහන් කර ගැනීම පිණිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
මේ අතර ජාතික ජනබලවේගය මාධ්‍ය හමුවකදී කියා සිටියේ අදාළ වීඩියෝව ව්‍යාජ හඬක් එක් කර නිර්මාණය කළ එකක් බවයි.