සජිත් ප්‍රේමදාසට සහය දක්වමින් යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ ජන රැළියකට සහභාගී වීමට ඊයේ (10) යාපනයට ගිය ජලනි ප්‍රේමදාසට සහ ජී. එල්. පීරිස්ට ආපසු හැරී ඒමට සිදු වී ඇති බව වාර්තා වෙනවා.
ඒ එම රැළිය සංවිධානය කළ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය එම රැළිය අවලංගු කළ නිසා.
කෙසේ වුවත් ජලනි සහ ජී.එල්. රැස්වීම පැවැත්වීමට නියමිත ස්ථානයට පැමිණෙන විට එම වේදිකාවේ දේශපාලන රැස්වීමක් වෙනුවට සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා.
මුලින් සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට තීරණය කර තිබු ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පසුව එම තීරණය වෙනස් කර දෙමළ පොදු අපේක්ෂක පාක්‍යසේලවම් අයනේත්‍රන්ට සහය දීමට තීරණය කළා.
ජලනි සහ ජී.එල්. සහභාගී වීමට පැමිණි රැළිය අවලංගු කරන ලද්දේ ඒ නිසා බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
මෙම රැළියට සජිත් ප්‍රේමදාස ද සහභාගී වීමට නියමිතව තිබුණා.