ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට සමඟි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අතර ගැටුම් උග්‍ර වී ඇති බව වාර්තා වෙනවා.
පසුගියදා මහනුවරදී සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් පැවැති ජන රැළිය ආමන්ත්‍රණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට අවස්ථාවක් නොදීම නිසා මෙම ගැටුම් උග්‍ර වී තිබෙනවා.
කිරිඇල්ල විසින් වසන්ත යාපාට එම අවස්ථාව ලබා දීම හිතාමතා කළ ක්‍රියාවක් බවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වශයෙන් එය නොකළ යුත්තක් බවත් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළා.
ජනතාව ආමන්ත්‍රණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නොදුන් අවස්ථාව සිය දියණියට ලබා දීම ද සදාචාරාත්මක නොවන බවත් ඒ පිළිබඳව බිම් මට්ටමෙන් පක්ෂ අභ්‍යන්තරයේ විරෝධතා එල්ල වී ඇති බවත් වාර්තා වෙනවා.
කෙසේ වුවත් ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයකදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට වසන්ත යාපාට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර තිබුණා.