පසුගිය දා මහනුවර පැවැති සමඟි ජන බලවේගයේ ජන හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් අමනාපයෙන් පසු වන බව වාර්තා වෙනවා.
ඒ කිරිඇල්ලගේ දියණිය වන චමින්ද්‍රනී කිරිඇල්ල සජිත් ප්‍රේමදාසට වඩාත් සමීප ආසනයට අසුන් ගැන්වීම සහ ඇයට රැළියේ කතාවක් පැවැත්වීමට ද අවස්ථාවක් ලබා දීම නිසා.
දියණියට ඉදිරිපෙළ අසුන් පනවා තිබුණ නමුත් සමහර ආසන සංවිධායකවරුන්ට පසුපෙළ අසුන් හෝ නොතිබූ බවයි ආසන සංවිධායකවරුන් චෝදනා කරන්නේ.