Thu. May 1st, 2025

මන්ත්‍රීවරු 80ක් ගැන මුජිබර්ගෙන් හෙළිදරව්වක්

ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 80කට ආසන්න පිරිසක් රට හැර යෑමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසනවා.

මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශකයන් ලෙස කටයුතු කළ ඇමැතිවරුන් සහ ප්‍රධාන පුද්ගලයන් කිහිප දෙනෙකු ද රට හැර යෑමට නියමිත බවයි.

සංඛ්‍යාලේඛන අනුව 80 දෙනෙකු පමණ දැනටමත් වීසා ලබාගෙන ඇති බව හෙළිදරව් කළ මන්ත්‍රීවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ තව දුරටත් ඔවුන්ගේ ආරක්ෂකයා නොවන බව ඔවුන්ට පැහැදිලි වී ඇති බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළා.

“රනිල් වික්‍රමසිංහගේ සැබෑ ස්වරූපය ඔවුන් අවබෝධ කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. තමන්ගෙ ක්‍රියාව ගැන පසුතැවෙන සමහරු තමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් නැතිවෙලා ජනාධිපතිවරයා එක්කත් ඉන්න බැරිව දැන් මංසන්ධියක හිරවෙලා ඉන්න බව තේරුම් අරන් තියෙනවා.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *