Sat. Jun 28th, 2025

ජනපතිවරණ වේදිකාවේ අමුතු සෙල්ලමක්: සජිත්ගේ වේදිකාවේ වෙනත් අපේක්ෂකයෙක්!

ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ රැස්වීම් ඇමතීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අපේක්ෂකයෙකුව සිටිමින් වෙනත් අපේක්ෂකයෙකුගේ මැතිවරණ වේදිකාවට ගොඩවීම මැතිවරණ නීතිය කඩකිරීමක් බැවින් මේ ගැන කරුණු දක්වන ලෙස ප්‍රේමසිරි මානගේ වෙත දන්වා ඇතැයි සඳහන්.

මෙකී අපේක්ෂකයා තංගල්ල, මාතර සහ ඒ අවට සමගි ජනබලවේග වේදිකාවේ කතා පවත්වා ඇතැයි අනාවරණය වී තිබෙනවා.

ජවිපෙ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ මානගේ 2004-2010 කාලයේ දී පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *