හොරු අල්ලනවා යැයි කියන සටන් පාඨය තනිකරම තම තමන්ගේ වාසිය සඳහා ජනතාව මුලා කිරීමට දේශපාලන වේදිකාවේ හදපු සටන් පාඨයක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ ප්රකාශ කරනවා.
තාක්ෂණය බද්ධ වූ ප්රසම්පාදන ක්රියාවලියක් ඔස්සේ විනිවිදභාවයෙන් යුතු තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් රටට හඳුන්වාදෙමින් දූෂණය වංචාව තව දුරටත් මැතිවරණ සටන් පාඨයක් වීම නවතා දමන බවයි ඔහු වැඩි දුරටත් ප්රකාශ කළේ.
එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ ප්රකාශ කළා.
“තනිකරම ඒක දේශපාලන වේදිකාවේ හදපු සටන් පාඨයක්. ලැබ්බොගිනි හොයන්න අපේ ගෙවල්වල වැසිකිළිය පවා හෑරුවා. අපේ අම්මාගේ මොන්ටිසෝරියේ සෙල්ලම් හෙලිකොප්ටරයක් තිබුණා. ඒක බලන්නත් ආවනේ හෙලිකොප්ටරයක් කියලා. ඒ වගේ බොරුවෙන් ජනතාව මුලා කළ පිරිසක් තමයි මේ රටේ ආණ්ඩු කරන්න ඉල්ලන්නෙ.
වංචාව දූෂණය අපි මැතිවරණ වේදිකාවෙන් අයින් කරනවා. අපි ඒක කරන්නෙ තාක්ෂණය හඳුන්වලා දීලා, ටෙන්ඩර් පටිපාටි ගෙනල්ලා. ප්රසම්පාදන ක්රියාවලියක් යටතේ තරගකාරී ලන්සු ක්රමයට ටෙන්ඩර් පටිපාටියක් හඳුන්වලා දීලා තාක්ෂණයත් එක්ක බද්ද කර දීලා විනිවිදභාවය හා ගුණාත්මකභාවය ආරක්ෂාවන වැඩපිළිවෙලක් හඳුන්වා දෙනවා.”