Sat. Jun 28th, 2025

ඡන්දේ දාන්න දීලා නෑ : කොණ්ඩෙ කපන් එන්න කියලා

තැපැල් ඡන්දය සලකුණු කිරීමට ගිය අවස්ථාවේදී කොණ්ඩය කපාගෙන එන ලෙස පවසා ආපසු හරවා යැවූ බව පවසමින් කළුතර, සේරුපිට සිවිල් ආරක්ෂක කඳවුරේ සිවිල් ආරක්ෂක භටයකු කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි කර තිබෙනවා.

අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන විනය භාර නිලධාරිවරයා තමන්ට එලෙස හරවා යැවූ බව එම සෙබළා කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙනවා.

එකී පැමිණිල්ලට අනුව සිදුකළ මූලික විමර්ශනවලට අනුව එම ස්ථානයේ මැතිවරණ රාජකාරි නිරත නිලධාරීන්ගෙන් විමසීමේදී එවැනි සිද්ධියක් අනාවරණය නොවූ බව මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් ද කැඳවා තව දුරටත් විමර්ශන සිදුකරන බවත් එම මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ.

කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ජයවීර ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදු කෙරෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *