Sat. Jun 28th, 2025

ස්ටිකර් සහ කොඩි ගැන මැතිවරණ කොමිසම කියයි

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති නිසා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් වාහනවල ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වී ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන්නේ අපේක්ෂකයින් හෝ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ සලකුණු, ඡායාරූප ඇතුළත් කරමින් ස්ටිකර්ස්, කොඩි ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි.

එවැනි ක්‍රියාවක් සිදු කිරීම 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ක්‍රියාවලියේ 74 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් බැවින් වහාම අලවා ඇති ස්ටිකර්ස් හෝ කොඩි ඉවත් කිරීමට කටයුතු කරන ලෙස කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *