ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (09) ප්‍රකශ කළා.
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි අලිකාන් ෂෙරිෆ් (Alikhan Sherif), මුසලි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුබිහාන් (AGH Subihan) ඇතුළු මුසලි ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන ඒ.ආර්.එම්. රස්මින්, හනීෆ් මක්බූල්, එම්.එච්. එම්. කාමිල් අෂ්-ෂේක් අබ්දුර් රහ්මාන් සහ මුසලි උලමා සභා හිටපු සභාපති එම්. තව්ෆීක් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
උතුරේ මුසලි ප්‍රාදේශීය සභාවේ එක් මන්ත්‍රීවරයකු හැර සෙසු සියලු දෙනා ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා වෙත සහාය පළ කිරීමට ඉදිරිපත්ව සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.