සමගි ජන බලවේගයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් මහනුවර මධ්‍යම වෙළෙඳපොල අසල පැවැත්වෙන රැස්වීමේ ආරම්භයට පෙර ආධාරකරුවන් විසින් රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දැල්වීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මේ නිසාවෙන් පොලිසියේ නිලධාරීන් 6ක් ඇතුළු 8 දෙනෙක් තුවාල ලබා ඇති බවයි ප්‍රකාශ වන්නේ.
තුවාල ලබා ඇත්තේ රැස්වීමේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ. සිවිල් පුද්ගලයන් දෙදෙනෙක්ද තුවාල ලබා තිබුණා. පිරිස රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා.