තම ගෙවල් ගිනි තැබීමෙන් තමා බියට පත් නොවන බවත්, අපේ රටේ අනාගතය රනිල් වික්‍රමසිංහගෙන් පිට ගියහොත් මෙරට බංගලාදේශයක් වන බවත්, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (08) කුරුණෑගල පැවති ජන හමුවක් අමතමින්.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ පැවසුවා.
“අපේ ජයග්‍රහණය ගැන සැක සංකවක් තියාගන්න එපා. අපි මැච් එක ගහනවා ඒ පාර. හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නවා. මේ හැටනවයට හයිය දුන්නේ අපි. මේ දිස්ත්‍රික්කයේ මහින්ද සුළඟ නිර්මාණය කළේ අපි. මමයි, ඩී.බී හේරත් ඇමතිතුමා, ජොන්ස්ටන් ප්‍රනන්දු ඇමතිතුමා, අපි තමයි හැට නව ලක්ෂයේ මූලාරම්භය ගත්තේ.”