එම්පොක්ස් හෙවත් වඳුරු උණ ලෙස හඳුන්වන රෝගය ආසාදනය වූ බවට සැකකරන අයෙක් ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා. මේ වන විට එම රෝගියා නිරෝධායනය කර ප්‍රතිකාර ලබා දෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
තරුණයෙකු වන මෙම රෝගියා විදේශගතව සිට එරටට පැමිණි අයෙක් බවත් ඔහු සමඟ සබඳතා පැවැත්වූවන් මේ වන විට හඳුනාගනිමින් සිටින බවත් වාර්තා වෙනවා.