පසුගියදා මනාල යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව තුළ සිය විවාහයේ පූර්ව ඡායාරූප ගැනීමක් කළ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙම යුවළ හේවිසි මණ්ඩපය සහ අඹරාව ඇතුළු විහාරස්ථානයේ විවිධ ස්ථානවල ඡායාරූප ගත කර ඇති අතර එය සමාජ මාධ්‍යවල සංවාදයට බඳුන් වෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා ඡායාරූප ශිල්පියා සමඟ යුවළ ඊයේ දින (09) මහනුවරට කැඳවා තිබුණා.