ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමට එක්ව සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසක් නැවත නාමල් රාජපක්ෂට දුරකථන ඇමතුම් දී ඇති බව වාර්තා වෙනවා.
ගෑස් සිලින්ඩරයට අනාගතයක් නැති බව පවසමින් නැවත පොහොට්ටුවට එක්වීමට අවස්ථාව දෙන්නැයි මෙලෙස කතාකළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.
“අපි කිවුවම ඇහුවේ නැති උනාට මිනිස්සු කිවුවම අහන්නම වෙනවා. අපට සහය පළ කරන්න කලින් මුලින් මන්ත්‍රි ධුරයේ ස්වාධීන වෙලා ඉන්න” යැයි එසේ කතා කළ මන්ත්‍රීවරුන්ට නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් ගෑස් ටැංකියට සහය පළ කරමින් සිටි මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් ඉදිරියේදී ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස ප්‍රකාශයන් නිකුත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුගිය දා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරුන් 04 දෙනෙකු එම ධුරයන්ගෙන් ඉවත් කළ අතර ඔවුන් නාමල් රාජපක්ෂට සහය දක්වීමට එකඟ වූවන් බව ද වාර්තා පළ වුණා.